COVID-19 එන්නත්
ඕස්ට්‍රේලියානු ප්‍රජාව තුල ජීවත්වන සියළු දෙනා හට එන්නත ලබා ගැනීම අප විසින් උනන්දු කරනු ලැබේ. මෙය සෞඛ්‍යය උපදෙස්වලට අනුකූලය.
පහත අය ඇතුළු ඕස්ට්‍රේලියාවේ සිටින සියළු දෙනා හට COVID-19 එන්නත් නොමිළේ ලබා ගත හැකිය:
- ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍රධාරීන්
- විදේශ සංචාරකයන්
- ජාත්‍යන්තර සිසුන්
- සංක්‍රමණ සේවකයන්
- සරණාගත පතන්නන්, සහ
- වීසා බලපත්‍රයක් නැති අය.
ඕස්ට්‍රේලියාවේ සිටින අයව එන්නත් කරන විට ඔවුන්ගේ සංක්‍රමණ හෝ පුරවැසිබව සම්බන්ධ තොරතුරු රැස් කර නොගනී.
ඔබට නොමිළේ COVID-19 එන්නත ලබා ගැනීම සඳහා Medicare සඳහා සුදුසුකම් තිබීම හෝ ඒ සමඟ ලියාපදිංචිවීම අවශ්‍ය නැත. ඔබට Medicare කාඩ් පතක් අවශ්‍ය නැති සායනයක් සොයා ගැනීම සඳහා COVID-19 Vaccine Eligibility Checker භාවිතා කරන්න.
ඔබගේ භාෂාවෙන් COVID-19 එන්නත් වැඩසටහන සම්බන්ධ වැඩිදුර තොරතුරු සොයා ගැනීම සඳහා COVID-19 vaccine information in your language වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.