කොරෝනා වයිරස් පිළිබඳ වැරදි තොරතුරු සහ සත්‍යයන් (කොවිඩ් -19)

කෝවිඩ්-19 එන්නත සම්බන්ධ වැරදි තොරතුරු

වැරදි තොරතුරු: කෝවිඩ්-19 එන්නත් භයානක වන අතර විදේශවල එය ලබාගත් අය හට දරුණු ලෙස අහිතකර බලපෑම් ඇතිවී ඇත.

සත්‍යය: චිකිත්සීය භාණ්ඩ පරිපාලනය (Therapeutic Goods Administration (TGA)) මගින් ඕස්ට්‍රේලියාවේ භාවිතය සඳහා එන්නත් අනුමත කරනු ලැබේ. ඒවා ඕස්ට්‍රේලියාවේ භාවිතා කිරීමට පෙර ආරක්‍ෂාව සම්බන්ධයෙන් හොඳින් පරීක්‍ෂා කර බලනු ඇත. මේවා අතර චිකිත්සීය අත්හදා බැලීම් සම්බන්ධ දත්ත, අඩංගු දේ, රසායනික ද්‍රව්‍ය, නිෂ්පාදනය සහ වෙනත් කරුණු ප්‍රවේශමින් විශ්ලේෂණය කිරීම සිදුවේ. කෝවිඩ්-19 එන්නත සම්බන්ධ තොරතුරු TGA වෙබ් අඩවියේ https://www.tga.gov.au/covid-19-vaccines වෙත ප්‍රවේශවීමෙන් ලබාගත හැකිය.

කෝවිඩ්-19 එන්නතෙහි සෑම බැච් එකක්ම ඇගයීමට අමතරව, චිකිත්සීය භාණ්ඩ පරිපාලනය මගින් එන්නත ඕස්ට්‍රේලියාවට සැපයීමෙන් පසු එහි ආරක්‍ෂාව සම්බන්ධයෙන් නියාමනය කරනු ඇත. ඕස්ට්‍රේලියානු රජය මගින් එක්සත් රාජධානිය, ජර්මනිය, සහ නෝර්වේ ඇතුළු රටවල එන්නත් වැඩසටහන්ද සමීපව නිරීක්‍ෂණය කරමින් සිටී. අප එක්ව, ඕස්ට්‍රේලියානුවන් හට ආරක්‍ෂාකාරී සහ ඵලදායී කෝවිඩ්-19 එන්නතක් ඇති බවට මෙම තොරතුරු මගින් සහතික වනු ඇත.

එන්නතක් මගින් ඔබට අතුරු ආබාධයක් ඇතිවුණි නම්, සෞඛ්‍ය වෘත්තීකයෙකුගෙන් උපකාර ලබාගෙන, අතුරු ආබාධ සම්බන්ධයෙන් TGA  වෙත වාර්තා කරන්න (1300 134 237).

වැරදි තොරතුරු: කෝවිඩ්-19 ආසාදනයට වඩා, එන්නත මගින් ඇතිවන අහිතකර අතුරු ආබාධ මගින් වැඩිපුර මිනිසුන් මිය යනු ඇත.

සත්‍යය: ඕනෑම එන්නතක් මගින් යම් සුළු අතුරු ආබාධ ඇතිවිය හැකිය. එන්නත් මගින් ඇතිවන මූලික අතුරු ආබාධ අතර, එන්නත ලබාදුන් ප්‍රදේශයේ රිදීම, රතු පැහැ බව හෝ ඉදිමුව ඇතිවීම, හිසරදයක් හෝ සුළු උණක් සහ වෙහෙසකර බව ඇත. මේවායින් බොහෝමයක් සමහර වේදනා නාශක භාවිතයෙන් පාලනය කල හැකි අතර කලබල වීමට හේතුවක් නැත.

ඕස්ට්‍රේලියාවේ බෙහෙත් නියාමක වන - චිකිත්සීය භාණ්ඩ පරිපාලක විසින් ආරක්‍ෂාකාරී සහ ඵලදායී නොවන එන්නතක් අනුමත කරන්නේ නැත. ඔවුන් විසින් සමීපව බලන දේ අතර දරුණු අතුරු ආබාධ ඇත.

ඕස්ට්‍රේලියාව සතුව ලොව හොඳම අනුමත කිරීම සම්බන්ධ ක්‍රියාවලියක් ඇත. දරුණු අහිතකර අතුරු ආබාධ ඇති කරන කිසිම බෙහෙතක් එම රටෙහි අනුමත කරන්නේ නැත. කාර්ය භාරය අනුමත කිරීම සමඟ නවතින්නේ නැත. ඔවුන් විසින් විදේශවලින් මෙන්ම මෙහි එන්නත ලබාදීම ආරම්භවීමෙන් පසුව ලැබෙන දත්ත දෙසද සෝදිසියෙන් බලා සිටිනු ඇත. කිසිවක් සම්බන්ධයෙන් යමක් වෙනතෙක් බලා සිටින්නේ නැත.

එන්නතක් මගින් ඔබට අතුරු ආබාධයක් ඇතිවුණි නම්, සෞඛ්‍ය වෘත්තීකයෙකුගෙන් උපකාර ලබාගෙන, අතුරු ආබාධ සම්බන්ධයෙන් TGA  වෙත වාර්තා කරන්න (1300 134 237).

වැරදි තොරතුරු: රජය විසින් එන්නත ලබාදීම ආරම්භ කරන්නේ ඔබගේ DNA රැස්කිරීම/වෙනස් කිරීම සඳහා ආවරණයක් වශයෙනි.

සත්‍යය: එන්නත් ඔබගේ සිරුර තුලට එන්නත් කරන අතර, ඔවුන් විසින් ඔබගේ සිරුරින් කිසිවක් ගන්නේ නැත. ඔවුන් ඔබගේ DNA වෙනස් කරන්නේ නැත. සමහරක් නව කෝවිඩ්-19 එන්නත් මැසෙන්ජර් RNA වලින් (mRNA) ඉතා සුළු ප්‍රමාණයක් කෝවිඩ්-19 ආසාදනයට එරෙහිව ඔබගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියාවක් ඇති කිරීමට උපදෙස් ලබාදීමට භාවිතා කරයි. mRNA මගින් ඔබගේ සිරුරේ DNA සම්බන්ධයෙන් කිසිවක් සිදු නොකරයි.

වැරදි තොරතුරු: වයිරස් ඉතා වේගයෙන් වෙනස් වන අතර එන්නතක් කිසි විටක එයට විරුද්ධව ක්‍රියා නොකරයි.

සත්‍යය: සෑම වයිරසයක්ම වෙනස්වේ. එය වයිරස්වල සාමාන්‍ය විකාශනයවීමේ කොටසක් වන අතර කෝවිඩ්-19 මෙයට වෙනස් නොවේ. ලැබී ඇති සාක්‍ෂි අනුව, කෝවිඩ්-19 එන්නත නව ප්‍රභේදවලට එරෙහිවද ක්‍රියාත්මකවේ.

මෙයින් අදහස් වන්නේ ෆ්ලූ එන්නත මෙන්ම මිනිසුන් හට බූස්ටර් ෂොට් හෝ නැවත එන්නත ලබාදීම අවශ්‍ය විය හැකිය. එන්නත දැනට ඕස්ට්‍රේලියාවේ භාවිතයට අනුමත කර ඇති අතර කෝවිඩ්-19 හේතුවෙන් ඇතිවන දරුණු රෝග ආබාධ වැළැක්වීම සම්බන්ධයෙන් එන්නතෙහි ඉහළ ඵලදායී තත්වයක් ඇත.

වැරදි තොරතුරු: කෝවිඩ්-19 ආසාදනයවී සුවවූ අය හට එන්නත ලබා ගැනීම අවශ්‍ය නොවේ.

සත්‍යය: කෝවිඩ්-19 ආසාදනයවීම මගින් ලැබෙන ආරක්‍ෂාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. මෙම වයිරසය නව වයිරසයක්වීම හේතුවෙන් සාමාන්‍ය වශයෙන් ඇතිවන ප්‍රතිශක්තිය කොතරම් කාලයක් පවතීද යන්න අපි නොදනිමු. ඔබට දැනටමත් කෝවිඩ්-19 ආසාදනය වුවද, ඔබට හැකි අවස්ථාවක කෝවිඩ්-19 එන්නත ලබා ගත යුතුය.

වැරදි තොරතුරු: කෝවිඩ්-19 එන්නතෙහි මිනිසුන් සිටින තැන සොයා ගැනීම සඳහා මෘදුකාංග/මයික්‍රොචිප් අඩංගුවේ.

සත්‍යය: කිසිදු කෝවිඩ්-19 එන්නතක මෘදුකාංග හෝ මයික්‍රොචිප් අඩංගු නොවේ.

වෙනත් කෝවිඩ්-19 වැරදි තොරතුරු

වැරදි තොරතුරු: කොරෝනා වයිරස් ‘වැඩිපුරම ව්‍යාප්ත කරන්නේ’ දරුවන් මගිනි

සත්‍යය: දරුවන් විසින් උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි විෂබීජ සහ රෝගබීජ වැඩිපුරම ව්‍යාප්ත කරන බවට ප්‍රසිද්ධ වුවද, දැනට ඇති සාක්‍ෂි අනුව පෙනී යන්නේ පාසැල් තුල දරුවෙකුගෙන් දරුවෙකුට කෝවිඩ්-19 සම්ප්‍රේෂණයවීම ඉතා දුර්ලභ බවයි. තවද, ලොව කිසිදු ස්ථානයක ඇති දත්ත මගින් මෙම වයිරසය දරුවන් මගින් විශාල වශයෙන් ව්‍යාප්ත වන බවට සාක්‍ෂි නැත. මෙය සිදුවිය හැකි වුවද, දැනට ඇති සාක්‍ෂි අනුව, දරුවන් මගින් මෙම කෝවිඩ්-19 වයිරසය දරුණු වශයෙන් ව්‍යාප්ත වීමක් සිදු නොවේ.

වැරදි තොරතුරු: ඕස්ට්‍රේලියාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සැපයුම් (වෙන්ටිලේටර්, මුව ආවරණ, පරීක්‍ෂණ කට්ටල) ලබාගත නොහැක 

සත්‍යය: ඕස්ට්‍රේලියාව වක්‍රය පැතලි කිරීම සම්බන්ධයෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇත. මෙයින් අදහස් වන්නේ අපගේ රෝහල් වෙත පීඩනය වැඩි කිරීම මඟ හැරීමට අප සමත්වී ඇති බවයි.

ඕස්ට්‍රේලියාව සතුව ප්‍රමාණවත් තරමේ පුද්ගලික ආරක්‍ෂණ උපකරණ ඇති අතර දිගින් දිගට ඕස්ට්‍රේලියාව මගින් ඒවා නිපදවීම සහ ඕස්ට්‍රේලියාව වෙත ගෙන්වීම සිදුවේ. උදාහරණ වශයෙන්, ජාතික වෛද්‍ය සංචිතය සතුව ප්‍රමාණවත් තොග ඇති අතර 2021 වසර පුරා වරින් වර ගෙන්වා ගැනීම සඳහා අඩ බිලියනකට  වඩා මුව ආවරණ ඇණවුම් කර ඇත.

ඕස්ට්‍රේලියාවේ ආසාදන රෝග ජාලය සහ මහජන සෞඛ්‍යය රසායානාගාර ජාලය ඇතුළු ඕස්ට්‍රේලියානු රජයේ උපදේශක කමිටු,  කෝවිඩ්-19 වසංගතයට උපකාර කිරීමට අවශ්‍ය මහජන සෞඛ්‍යය ප්‍රතිචාරයට අත්‍යවශ්‍ය පරීක්‍ෂා කිරීම් කරන බව තහවුරු කිරීම සඳහා, කෝවිඩ්-19 වසංගතය සඳහා අවශ්‍ය පරීක්‍ෂණ අවශ්‍යතාවයන් සම්බන්ධ මාර්ගෝපදේශ නැවත ඇගයීම සඳහා නිතර හමුවේ.

වැරදි තොරතුරු: කොරෝනා වයිරස් හේතුවෙන් ඇතිවන ඉල්ලුමට මුහුණ දීමට ඕස්ට්‍රේලියාවේ රෝහල්වලට නොහැකි වනු ඇත

සත්‍යය: ඕස්ට්‍රේලියාව වක්‍රය පැතලි කිරීම සම්බන්ධයෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇත. මෙයින් අදහස් වන්නේ අපගේ රෝහල් වෙත පීඩනය වැඩි කිරීම මඟ හැරීමට අප සමත්වී ඇති බවයි. කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් අමතරව ඇතිවන ඉල්ලුමට මුහුණදිය හැකි ආකාරයේ  ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍යය ක්‍රමයක් ඕස්ට්‍රේලියාව සතුව ඇත. මේවා අතර, ඕස්ට්‍රේලියානු රජය, ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සහ පුද්ගලික සෞඛ්‍යය අංශයේ හවුල්කාරිත්වයෙන් අමතර ඇදන් සම්බන්ධයෙන් ඇති ධාරිතාව, වෛද්‍ය උපකරණ, සැපයුම්, සහ වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුලත්වේ.

වැරදි තොරතුරු: සති දෙකක් ලොක් ඩවුන් කිරීම මගින් කොරෝනා වයිරස් පැතිරයාම නැවැත්විය හැකිය 

සත්‍යය: සති දෙකකට හෝ තුනකට සීමා දැමීම සහ නැවත ඒවා ඉවත් කර සාමාන්‍ය ජීවිතවලට පිවිසීම මගින් කොරෝනා වයිරස් පැතිරීම නවතින්නේ නැත.

කෝවිඩ්-19 ආසාදනයවී ඇති බහුතරය හට ඇත්තේ ඉතා සුළු රෝග ලක්‍ෂණ වන අතර සමහර අයට කිසිම රෝග ලක්‍ෂණයක් ඇති නොවේ. සති දෙකකට පමණක් සීමාවූ ලොක් ඩවුන් එකක් මගින් ඇතිවන අවධානම වන්නේ, රෝග ලක්‍ෂණ නොපෙන්වන කෝවිඩ්-19 ආසාදිතයන් විසින් ලොක් ඩවුන් එකකට පසුව සෑම දෙයක්ම විවෘත කිරීමෙන් අනතුරුව නොදැනුවත්වම වෙනත් අයව වයිරසයට නිරාවරණය කිරීමේ හැකියාවයි.

කෝවිඩ්-19 ව්‍යාප්තිය අඩු කිරීම සම්බන්ධ හොඳම ආකාරය වන්නේ, යහපත් අත් සහ ශ්වසන සනීපාරක්‍ෂක ක්‍රම අනුගමනය කිරීම, භෞතික දුරස්ථභාවය පවත්වා ගෙන යාම, ඔබට අසනීප නම්, නිවසේ රැඳී සිට පරීක්‍ෂා කරවා ගැනීම, සහ භෞතික දුරස්ථභාවය ආරක්‍ෂා කර ගැනීමට අපහසු සැලකිය යුතු ආකාරයේ ප්‍රජා සම්ප්‍රේෂණය ඇති ස්ථානයක සිටී නම්, මුව ආවරණයක් පැළදීම ආදියයි.

අපගේ සෞඛ්‍යය විශේෂඥයින් ඕස්ට්‍රේලියාවේ දිනපතා අළුතින් ඇතිවන ආසාදන සහ ආසාදන සිදුවන ස්ථාන නියාමනය කෙරේ. මේ අනුව ලැබෙන සාක්‍ෂි අනුව ඇතිකල යුතු නව රීතීන් හෝ සීමා සම්බන්ධ නිර්දේශයන් සිදු කෙරේ. www.australia.gov.au යන වෙබ් අඩවිය වෙත පිවිසීම මගින් දැනට ඇති සීමා සම්බන්ධයෙන් සියළු දෙනා යාවත්කාලීනවී සිටිය යුතුය.

වැරදි තොරතුරු: සෑමදෙනම පරීක්‍ෂා කිරීම මගින් කොරෝනා වයිරස් ව්‍යාප්තිය නවතී

සත්‍යය: පරීක්‍ෂා කිරීම මගින් වයිරසය ව්‍යාප්තවීම නවතින්නේ නැත.

කෝවිඩ්-19 වැළැක්වීමේ සහ පාලනය කිරීමේ මූලිකම කරුණුවලින් එකක් වන්නේ, නියමිත කාලයේ, මැන බැලිය හැකි සහ නිවැරදි හදුනා ගැනීමේ පරීක්‍ෂණ පැවැත්වීමවේ. හදුනා ගැනීමේ පරීක්‍ෂණ මගින් රෝගයේ ව්‍යාධිවේදය නිර්ණය කිරීම, ආසාදිත බව දැනුම්දීම සහ ආශ්‍රිතයන් කළමණාකරණය කිරීම, සහ අවසාන වශයෙන් වයිරසය පැතිර යාම අඩු කිරීම සම්බන්ධ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරයි.

කෙසේවුවද, කෝවිඩ්-19 නැති බවට පරීක්‍ෂාවකින් දැන ගැනීම මගින් ඔබට අවධානම නැති බවට හෝ අනෙක් අයට ඔබගෙන් අවධානමක් නැති බවට හෝ අදහස් නොවේ. ඔබ SARS-CoV-2 (කෝවිඩ්-19 ආසාදනය කරන වයිරසය) වෙත නිරාවරණය වීමෙන් පසුව රෝග ලක්‍ෂණ ඇතිවීමට පෙර කෝවිඩ්-19 ආසාදනය නැති බවට පරීක්‍ෂාවකින් සනාථ විය හැකිය. මේ හේතුව නිසයි යහපත් සනීපාරක්‍ෂක ක්‍රම අනුගමනය කිරීම සහ භෞතික දුරස්ථභාවය, සහ ඔබට අසනීප නම් නිවසේ රැඳී සිටීම වැදගත් වන්නේ. මෙම ක්‍රියා සමඟ අරමුණුකරගත් ආකාරයට පරීක්‍ෂණ කිරීම මගින් කෝවිඩ්-19 ව්‍යාප්තවීම වැළැක්වීමටත්, ඕස්ට්‍රේලියානු සෞඛ්‍යය පද්ධතිය මත ඇති ඉල්ලුම අඩු කිරීමටත් උපකාරවේ.

ආසාදිතයන් වැඩිවීම සම්බන්ධ මහජන සෞඛ්‍යය කළමණාකරණය සහ පළාතක වසංගතය වැඩිවීම සම්බන්ධ සාර්ථකත්වය සඳහා පරීක්‍ෂණ ප්‍රවේශමින් අරමුණු කරමින් කල යුතුය. මේ මගින් වසංගතය පාලනය පවත්වා ගැනීම සහ රසායනාගාරවල දැරීමේ ශක්තිය සහ පරීක්‍ෂා කරන ස්ථානවල ධාරිතාව අතර නියම සමබරතාවය ඇති කර ගැනීමට හැකිවේ.

රෝග ලක්‍ෂණ නොපෙන්වන ඕස්ට්‍රේලියානුවන් සංඛ්‍යාවක් පුළුල් ලෙස පරීක්‍ෂා කිරීම දැඩි ලෙස අධෛර්ය කල යුතුය. මෙම පරීක්‍ෂා කිරීමේ ක්‍රමවේදය ආසාදනය ව්‍යාප්තවීමට ව්‍යාධිවේදී වශයෙන් යහපත් නොවනවා මෙන්ම පිරිවැය ඵලදායීතාවයක් නැති දෙයක් වනු ඇත. විශේෂිත අවස්ථාවල රෝගය පාලනය කිරීම සහ අධීක්‍ෂණය කිරීමේ කරුණු වෙනුවෙන් රෝග ලක්‍ෂණ නැති අවස්ථාවල පරීක්‍ෂා කිරීමේ යම් කාර්ය භාරයක් ඇති බව ඕස්ට්‍රේලියානු රජය පිළිගනී. මෙම අවස්ථා අතරට, වසංගත තත්වයන් ඇතිවිට, අඩු වශයෙන් ආසාදන ඇති ප්‍රදේශවලට වැඩිපුර ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශවල ජනගහනය, වැඩිපුර නිරාවරණය වීමේ අවධානම ඇති ජනගහනය, සහ වඩිපුර ව්‍යාප්ත විය හැකි පසුබිම්වල සිටින ආසාදනය වුවහොත් රෝග කිහිපයකට ලක්විය හැකි අය සිටී.

රෝග ලක්‍ෂණ නැති සේවා ස්ථානවල සිටින අයව පරීක්‍ෂණවලට යොමු කිරීමේ වැඩසටහන්, ඇතුළු පරීක්‍ෂණ ක්‍රමවේදයන් ඕස්ට්‍රේලියානු රජය මගින් දිගටම නිර්දේශ කරන අතර, අදාල මහජන සෞඛ්‍යය බලධාරීන් සහ රසායනාගාර අධ්‍යක්‍ෂකවරුන් සමඟ සාකච්ඡා කර වර්ධනය කරනු ඇත. මේ මගින් තහවුරු කර ගන්නේ වඩාත්ම උචිත සහ වඩාත්ම සඵල ක්‍රමවේදයන් උපයෝගී කරන බවයි. රෝග ලක්‍ෂණ නොමැති අයව පුළුල් ලෙස පරීක්‍ෂා කිරීම සම්බන්ධ ඕස්ට්‍රේලියානු රජයේ ස්ථාවරය සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා සෞඛ්‍යය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

වැරදි තොරතුරු: පරීක්‍ෂණ කට්ටල නිවැරදි නොවේ

සත්‍යය: ඕස්ට්‍රේලියාවේ, කෝවිඩ්-19 පරීක්‍ෂණ ඉතාම නිවැරදිවේ. ඕස්ට්‍රේලියාවේ භාවිතා කරන සියළුම පරීක්‍ෂණ ක්‍රමයන් පුළුල් ආකාරයට තහවුරු කර ඇත. ඒවා චිකිත්සීය භාණ්ඩ පරිපාලනය (Therapeutic Goods Administration (TGA)) මගින් SARS-CoV-2 (කෝවිඩ්-19 ආසාදනය ඇති කරන වයිරසය) සඳහා විශේෂයෙන් වර්ධනය කල ගුණාත්මක තහවුරු වැඩසටහන්වලට සහභාගිවීම අනිවාර්ය කිරීම මගින් සමීප ආකාරයට සුපරීක්‍ෂණයට යටත් කර ඇත.

ඕස්ට්‍රේලියාවේ ඔබගේ ශරීරයේ ඇතිවන දරුණු SARS-CoV-2 ආසාදනය හදුනා ගැනීම සඳහා භාවිතා කරන ස්වර්ණමය සම්මතය වන්නේ රසායනාගාර පදනම්වූ පොලිමරේස් දාම ප්‍රතිචාර පරීක්‍ෂණය (polymerase chain reaction testing (PCR)) වන අතර, පරීක්‍ෂණය පැවැත්ව්ම සඳහා ශ්වසන සාම්පලයක් ලබා ගැනීම අවශ්‍යවේ. පරීක්‍ෂණ ඉතාම සංවේදී වන අතර ඒ මගින් ශ්වසන සාම්පලයක ඇති SARS-CoV-2 වයිරසයේ විශේෂිත ඉතාම කුඩා ජාන අංශුද සොයා ගනී.

ඕස්ට්‍රේලියාවට අළුත් ඕනෑම පරීක්‍ෂණ තාක්‍ෂණයක් ප්‍රතිඵලවල ගුණාත්මක බව සහ විශ්වසනීයත්වය සහ එය නීත්‍යානුකූල ආකාරයට සැපයිය හැකි බව සහතික කිරීම සඳහා TGA මගින් ඉතා ප්‍රවේශමින් ඇගයීමකට ලක් කිරීම අවශ්‍යවේ. ඕස්ට්‍රේලියානු ප්‍රතිකාරක භාණ්ඩ ලේඛණයේ (Australian Register of Therapeutic Goods) ඇතුලත් කර ඇත්තේ කුමන කෝවිඩ්-19 පරීක්‍ෂණද යන්න සම්බන්ධ යාවත්කාලීන තොරතුරු සොයා ගැනීම සඳහා TGA වෙබ් අඩවිය වන www.tga.gov.au/covid-19-test-kits-included-artg-legal-supply-australia වෙත පිවිසෙන්න.

වැරදි තොරතුරු:  කොරෝනා වයිරස් යනු බොරුවට ඇතිකල දෙයක්

සත්‍යය: කෝවිඩ්-19 ආසාදනය ඇති කරන්නේ කොරෝනා වයිරස් (SARS-CoV-2) මගිනි. මෙම වයිරසය විශාල වයිරස් පවුලකට අයත් අතර මිනිසුන් සහ සතුන් තුල ශ්වසන ආසාදන ඇති කරලිය හැක. මෙම ආසාදන බහුලව පවතින සෙම්ප්‍රතිශ්‍යාවක සිට වඩා දරුණු ශ්වසන ආසාදන තෙක් පරාසයක පවතී. කෝවිඩ්-19 මිනිසුන් අතර පැතිරෙන්නේ බිදිති සහ මතුපිටවල ගෑවීම මගිනි.

චීනයට පිටතින් වයිරසය හුදෙකලා කිරීමට සමත්වූ ප්‍රථම රසායනාගාරය වූයේ ඕස්ට්‍රේලියාවේ ආසාදන සහ ප්‍රතිශක්තිකරණය සම්බන්ධ පීටර් ඩොහාර්ති ආයතනයේ වික්ටෝරියානු ආසාදනය වන රෝග යොමු රසායනාගාරයේදීය (Victorian Infectious Diseases Reference Laboratory (VIDRL)). කෝවිඩ්-19 සඳහා හදුනා ගැනීමේ පරීක්‍ෂණ වර්ධනය කිරීම, තහවුරු කිරීම  සහ නිවැරදි බව පරීක්‍ෂා කිරීම සඳහා VIDRL මගින් හුදෙකලා කල වයිරසය වෙනත් ඕස්ට්‍රේලියානු රසායනාගාර, ලෝක සෞඛ්‍යය සංවිධානය, සහ වෙනත් රටවල් වෙත ලබා දෙන ලදී.

SARS-CoV-2 වයිරසය හදුනා ගැනීම සහ සනාථ කිරීම සඳහා හැකියාව සහ නිසි පිළිගැනීම ඇති පොදු සහ පුද්ගලික ව්‍යාධිවේදී රසායනාගරවල විශේෂඥ ජාලවල සහයෝගය ලබා ගැනීමට හැකිවීමට ඕස්ට්‍රේලියාව භාග්‍ය සම්පන්න විය. ඕස්ට්‍රේලියාවේ වක්‍රය පැතලි කිරීම සාර්ථක කර ගැනීමට සහ වෙනත් රටවල දක්නට ඇති දරුණු ආසාදන අනුපාතය  මඟ හැරීම සඳහා මෙම රසායනාගාරවල පරීක්‍ෂණ කිරීමේ ධාරිතාවය වැඩි කිරීම අත්‍යාවශ්‍යවේ. කෝවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ ආසාදනය මගින් මිය ගිය අයගේ සංඛ්‍යාව  සම්බන්ධ තොරතුරු රැස් කිරීම ඕස්ට්‍රේලියාව සහ ලොව පුරාම සිදු කෙරේ. අදාල දත්ත දිනපතා ඕස්ට්‍රේලියානු සෞඛ්‍යය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පල කරනු ඇත.

වැරදි තොරතුරු: මුව ආවරණ සඵල සහ/හෝ අනාරක්‍ෂිතවේ.

සත්‍යය: යහපත් සනීපාරක්‍ෂාව, භෞතික දුරස්ථභාවය, සහ අසනීප අවස්ථාවල නිවසේ රැඳී සිට පරීක්‍ෂා කරවා ගැනීම වැනි වෙනත් පූර්වාරක්‍ෂක ක්‍රම සමඟ මුව ආවරණ පැළදීම මගින් කෝවිඩ්-19 පැතිරීම අඩු කර ගත හැක.

බොහෝ ශ්වසන වයිරස් ආකාරයටම, SARS-CoV-2 (කෝවිඩ් 19 ආසාදනය කරන වයිරසය) වයිරසයද මූලික වශයෙන් පැතිරෙන්නේ ආසාදිත අය කථා කරන, කහින හෝ කිවිසින විට ඇතිවෙන වයිරසය අඩංගු බිඳිති මගිනි. වයිරසය තැවරුණු මතුපිටවල් ඔස්සේද පැතිරිය හැකිය. ආසාදිත ශ්වසන බිඳිති පැතිරීම අඩු කිරීම මගින් අනෙක් අයව ආරක්‍ෂා කිරීම සඳහා කෝවිඩ්-19 ආසාදිත, රෝග ලක්‍ෂණ ඇති හෝ නැති අයෙකු ඇතුළු ශ්වසන වයිරස් ආසාදනයක් ඇති අයෙකු විසින් මුව ආවරණයක් පැළදිය හැකිය.  කෝවිඩ්-19 ඇතුළු ශ්වසන ආසාදන ඇති අයෙකු සමඟ භෞතික දුරස්ථභාවය පවත්වා ගත නොහැකි සෞඛ්‍යය සහ රැකවරණ සේවකයන් විසින්, තමාව ආරක්‍ෂා කර ගැනීම සඳහා, මුව ආවරණ භාවිතා කරනු ඇත.

මුව ආවරණ පැළදීම කෝවිඩ්-19 පැතිරීම අඩු කිරීම සඳහා වන එක් පියවරක් පමණක් වන අතර වෙනත් පූර්වාරක්‍ෂනයන්ට විකල්පයක් නොවේ. දිගටම යහපත් අත් සහ ශ්වසන සනීපාරක්‍ෂක ක්‍රම අනුකූලව කටයුතු කිරීම, භෞතික දුරස්ථභාවය පවත්වා ගැනීම, සහ අසනීප අවස්ථාවල පරීක්‍ෂා කරවා ගැනීම වැදගත්වේ.

මුව ආවරණයක් පැළදීම අනාරක්‍ෂිත බව හෝ ඔක්සිජන් ඌණතාවය වැනි ගැටළුවලට තුඩු දෙන බව සම්බන්ධ කිසිදු සාක්‍ෂියක් නැත. සෞඛ්‍යය රැකවරණ සපයන්නන් විසින් වසර කිහිපයක් දිගු කාලයක් මුව ආවරණ පළදා ඇත්තේ මෙවැනි කිසිදු ගැටළුවක් නොමැතිවය.

 

කෝවිඩ්-19 සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයේ ප්රතිචාර සම්බන්ධ නව වර්ධනයන් සඳහා මෙම වෙබ් අඩවිය වෙත නිතර ප්රවේශ වන්න.

SBS සතුව කෝවිඩ්-19 සම්බන්ධයෙන් විවිධ තොරතුරු ඔබගේ භාෂාවෙන් ඇත. රජයේ තොරතුරු පරිවර්තනය කිරීමට දුරකථන ඇප් සහ බ්රවුසර් එක්ස්ටෙන්ෂන් උපයෝගී කරගත හැකිය. ඔබගේ අවශ්යතාවයන් හට සරිලන එකක් සොයා ගන්න.

ඉංග්‍රීසි  භාෂාවෙන් වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා www.australia.gov.au  වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.